භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thopawewa MV

තෝපාවැව ජාතික පාසල

පොළොන්නරුව අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Thopawewa MV

තෝපාවැව ජාතික පාසල

පොළොන්නරුව අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • කළමණාකරණ කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • පො/තෝපාවැව ජාතික පාසල - පොලොන්නරුව
    ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වූ විනය නීති මාලාව / ආචාර ධර්ම පද්ධතිය

    1. දිනපතා පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.

    2. සියලුම සිසුන් පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා නිසි අවසරයකින් තොරව පාසල් භූමියෙන් පිටතට යාම සම්පූර්ණයෙන්ම තහනම්ය.

    3. පාසලට නොපැමිණෙන විට එයට හේතු දක්වා දෙමව්පියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් පංතිභාර ගුරුභවතාට ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

    4. උසස් ‌පෙළ සිසුන් සඳහා 80% පැමිණීම, කණ්ඩායම් හා කේවල ව්‍යාපෘති අනිවාර්ය වන බැවින් එම අවශ්‍යතා සපුරාලීමට නොහැකි සිසුන්ට උසස් පෙළ විභාගයට පෙනීසිටීමට අවසර දෙනු නොලැබේ.

    5. විද්‍යාලයේ සියලුම ගුරු මහත්ම මහත්මියන්ට කීකරුව හා අවනතව සිටිය යුතු අතර ශිෂ්‍ය නායක මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

    6. සියලුම සිසුන් තම අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යෑමට අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුය.

    7. විද්‍යාලය තුලදී අනෙකුත් සහෝදර ශිෂ්‍යයන්ට හිරිහැර කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර ශිෂ්‍ය ජීවිතයට හා පාසල් සංස්කෘතියට නොගැලපෙන චෝදනා හා වැරදි වලට අනුව වරදකරු වන සිසුන්හට විනය පරීක්ෂණයකින් පසුව විනයානුකූල දඩුවම් පමුණුවනු ලැබේ.

    8. පිටස්තර පුද්ගලයන් විද්‍යාල භූමිය තුළ හා පන්ති කාමරය තුළ රදවාගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.

    9. ජංගම දුරකථන, CD තැටි, කැමරා වැනි උපකරණ හා පාසලට නොගැලපෙන පුවත්පත්, සඟරා, පත්‍රිකා විද්‍යාලය තුලට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්ය.

    10. විදුහලේ ගෞරවයට හා කීර්තියට හානිවන පරිදි බස්රථවල, ප්‍රසිද්ධ ස්ථාන වල හා මහා මාර්ගවල හැසිරීම පාසලෙන් ඉවත් කිරීමට හේතුවන බලවත් වරදකි.

    11. විදුහලේ ගෞරවයට හානිවන පරිදි විද්‍යාලය තුල හෝ විද්‍යාලයෙන් පිටත විවිධ සම්බන්ධතා පවත්වාගෙන යාම බලවත් වරදක් වන අතර එවන් වරදකදී විනයානුකූල දඩුවමකට යටත් වීමට සිදුවනු ඇත.

    12. පාසල් නීති රීති උල්ලංඝනය කරන ආචාර විරෝධී පැවතුම් ඇති සිසුන්ට දඩුවම් පමුණුවනු ලැබේ.එම වරද හා දඩුවම විනය නීති ලිපිගොනුවේ සටහන් කරන අතර චරිත සහතික නිකුත් කිරීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කරනු ලැබේ.

    13. 10,11,12,13 ශ්‍රේණිවල සිසුන් අත්කොට සුදු කමිසය හා සුදු දිග කලිසම ඇදිය යුතුය.එම නිළ ඇදුම විද්‍යාලයෙන් ලබාදෙන උපදෙස් මත පමණක් සකස් කර ගත යුතුය.

    14. සිසුන් බෙල්ලට හිරවන සේ මේස් බැනියම් ඇදීමෙන් වැළකිය යුතුය.

    15. ශිෂ්‍යාවන් නිළ ඇඳුම දණහිසින් පහලට (දණ ගැසූ පසු පොළොවේ වදින සේ) සකස් විය යුතුය.

    16. ශිෂ්‍යාවන් පාසල් නිළ ලාංඡනය වම් පසින් පැලදිය යුතු අතර සිසුන් පාසල් නිළ ලාංඡනය කමිසයේ සාක්කුවට ඉහළින් පැළදිය යුතුය.

    17. සිසුන් හිස කෙස් කොටට කපා පිළිවෙලට කොණ්ඩය පීරා තිබිය යුතුය.ජෙල් පාවිච්චිය සපුරා තහනම්ය. රැවුල් වවා පාසලට නොපැමිණිය යුතුය.

    18. ශිෂ්‍යාවන් හිස මැදින් බෙදා කොණ්ඩය කරල් දෙකක් වනසේ කෙළවරට ගොතා නමා කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය. කොණ්ඩය කපා සිටී නම් පැත්තෙන් බෙදා බෙල්ලට නොවැටෙන සේ කෙටකර කපා සිටිය යුතුය.

    19. පාසලට ගැලපෙන ආකාරයට ශිෂ්‍යයන් කළු කැන්වස් සපත්තු හා කළු මේස් පැළදිය යුතු අතර ශිෂ්‍යාවන් සුදු මේස් හා සුදු කැන්වස් සපත්තු පැළදිය යුතුය.

    20. ශිෂ්‍ය නායකයින් ටයිපටිය පැළද සිටීම අනිවාර්ය වේ.

    21. ශිෂ්‍යාවන් මුදු මාල වැනි දේ පැළදීම තහනම්ය. සරළ කුඩා කරාබු යුවලක් පමණක් පැළදිය හැකිය.

    22. පාසල තුලට පොලිතීන් ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය ගෙන ඒමෙන් වලකින්න. කෑම ගෙන ඒම සඳහා කෑම පෙට්ටියක් භාවිතා කරන්න.

    23. දුම්වැටි හා මත්පැන්, මත් ද්‍රව්‍ය පානය කිරීම හෝ පාසලට රැගෙන ඒම සපුරා තහනම් වන අතර එවැනි වරදකට හසු වුවහොත් පාසලෙන් ඉවත් කිරීම.

Thopawewa MV

තෝපාවැව ජාතික පාසල

පොළොන්නරුව අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Thopawewa National School,Polonnaruwa

: (+94)272223148

: (+94)272223148

: [email protected]

Supported By

© 2026 Thopawewa MV. All rights reserved. Design with by Webcomms Global | Help Desk