විදුහල්පති පණිවිඩය
sir. D.M.U.දිසානායක
පොලොන්නරුව දිස්‍ත්‍රික්කයේ කීර්තිමත් පාසලක් ලෙස තෝපාවැව ජාතික පාසල ආසන්න වශයෙන් ළමුන් 3000 කට පිරිසක් හා කාර්‍ය මණ්ඩලය 150 කට ආසන්න පිරිසක් සිටින ප්‍රදේශයේ කීර්තිමත්,දීප්තිමත් පාසලකි.අප පාසලට දැනට වර්ශ 100 ට අධික ඉතිහාසයක් ඇති බව සදහන් වන අතර පොලොන්නරුවේ ඉදි කරන ලද පැරණිතම පාසල් 5න් එකක් වන අතර අ.පො.ස. උසස්පෙළ ,සාමාන්‍ය පෙළ හා ශිෂත්ව විභාගවලින් පොලොන්නරුවේ කැපී පෙනෙන දක්ශතා සහ කීර්තිමත් ලෙස උසස්වීම්වලට ලක්වන පාසලකි.අප විද්‍යාලයෙන් බිහි වූ විශිෂ්තථම ආදිශිෂ්‍යා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කල හැකිය2019 වසරේ අප පාසල ජාතික පාසලක් ලෙස උසස් විය.අනාගතයේ මීටත් වඩා කීර්තිමත් පාසලක් වේ යැයි විශ්වාස කරමි.
විදුහල්පති,
ඩී.එම්.යූ.දිසානායක
තෝපාවැව ජාතික පාසල